Gossips

පළාත් කිහිපයකට තද වැසි

දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක් ගත හැකියි.
මේ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.