Gossips

පළාත් කිහිපයකට අද සිට වැසි සහ සුළං වැඩිවෙයි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද සිට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළේ මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සහ පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි.