Gossips

පළාත් කිහිපයකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

rn

අද රාත්‍රී කාලයේදීත් නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්මේන්තුව සඳහන් කළේ.
මේ අතර, හෙට දිනයේදී උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව යන පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් දැඩි උණුසුම් සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට විශේෂයෙන් දැනුම්දී තිබෙනවා.
• එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින්න.
• කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථන වල රැදී සිටීමෙන් වලකින්න.
• රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න.
• බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න.
• තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන්න.
• හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන්න.