Gossips

පළාත් කිහිපයකට අද, මද වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් අද (14) දිනයේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද දිනය තුල පවතින බවයි.
දිවයින හරහා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.