බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට අද පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අද සහ හෙට එම පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර කියා සිටියේ.
