Gossips

පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි

උතුරුමැද, මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, උතුර සහ නැගෙනහිර පළාත්වලට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකියි.