Gossips

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට අද (03) පස්වරුවේ මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ විශේෂයෙන් කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඉතා තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් කඳුකරයේ ජනතාව නාය යාම් පිළිබදව අවදානයෙන් පසු විය යුතු බවයි.