Gossips

පළාත් කිහිපයකට අද පස්වරුවේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේත් අද (28) පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම දිවයිනට ගිණිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වියහැකි බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් නාවික සහ ධීවර ප්‍රජාව අවධානයෙන් සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.