Gossips

පළාත් කිහිපයකට අද උණුසුම වැඩිවේ

උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාතේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල අද උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය, මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකියි.
එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ද මෙම තත්ත්වය පිළිබඳව සැළකිලිමත් විය යුතු අතර, කුඩා දරුවන් වාහන තුළ තනිවම රඳවා තැබීමද අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසද ඔවුන් ඉල්ලීමක් කරනවා.