Gossips

පළාත් කිහිපයකට අදත් තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි ඇතිවන විට මෙම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80ත් දක්වා ඉහළ යා හැකියි.
මේ අතර අද (07) දිනයේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.