Gossips

පළාත්පාලන ලාභ ඉපයීමක් ගැන ජවිපෙ කියයි

ඡන්දයක් නොපවත්වා මන්ත්‍රිවරුන් පත් නොවී සිටි කාල වකවානුවේ පළාත්පාලන ආයතන ලාභ ඉපයූ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර – වැලිගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
ඒඅනුව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ දේශපාලනඥයින්ගේ ඇඟිලි ගැසීම්වලින් තොරව පළාත්පාලන ආයතන ක්‍රියාත්මක වීමේදී වැඩි ලාභ ඉපයීමක් සිදුව තිබෙන බවයි.