Gossips

පළාත්පාලන ආයතන පාලනයට රජයේ මුදල් එපා – පොහොට්ටුවෙන් අගමැතිට පිළිතුරු

රජය විසින් මුදල් වෙන් කිරීමක් සිදුනොකළ ද පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.
පසුගිය වසරේ පැවති පළාත්පාලන ආයතන ඡුන්ද විමසීමේදී දිවයිනේ බහුතර පළාත්පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමිකරගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
එමෙන්ම මේ වනවිට පළාත් සභා රැසකද කාලසීමාව අවසන්වීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතිනවා.
විපක්ෂයේ ක්‍රියාකාරකම් හේතුවෙන් පළාත් සභා හා ප්‍රාදේශීය සභා පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපාදන අහිමි වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කළා.
ඒ 2019 යොවුන්පුර වැඩසටහනට සමගාමීව වීරවිල පැවති උත්සවයකට එක්වෙමින්.