Gossips

පළමු 20-20 ගැටුමේදී ශ්‍රී ලංකාවට පළමු වාසිය ගිලිහී යයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ.
තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි.
අද තරගයේ බංග්ලාදේශ කණ්ඩායමට නියෝජනය කරමින් ජාත්‍යන්තර 20 යි 20 පිටියට නවකයන් කිහිප දෙනෙකු එක්ව සිටිනවා.
සකීර් හසන්, නස්මුල් ඉස්ලාම්, අරිෆුල් හේක් සහ අෆීෆ් හුසේන් ඊට අයත්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න ආබාධයකට ලක්ව සිටිනවා.
නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක,අකිල ධනංජය, ශෙහාන් මධුෂංක සහ ඉසුරු උදාන අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ශෙහාන් මදුෂංක අද සිය පළමු ජාත්‍යන්තර 20 යි 20 තරගයටයි ක්‍රීඩා කරන්නේ.
එමෙන්ම අද කණ්ඩායමට කැඳවා සිටින ජීවන් මෙන්ඩිස් 20 යි 20 තරගයකට ක්‍රීඩා කරන්නේ 2013 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.
සෞම්ය සර්කාර්, මුශ්ෆිකර් රහීම්, සබීර් රහ්මන්, මහමුදුල්ලා, මොහොමඩ් යසිෆුඩින්, මුශ්ටෆිසුරි රහීම් සහ රුබල් හුසේන් අද බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරනවා.