Gossips

පළමු සහ දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙලක්

පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3 ක් හඳුන්වාදීම අද(15) සිදුකෙරුණා.
ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේදීයි.
1997 වසරේ ප්‍රාථමික අධ්‍යාපන නවීකරණයෙන් හඳුන්වාදුන් ක්‍රියාකාරකම් පාදක කර ගත් වාචික ඉංග්‍රීසි විෂය පාසල්වල ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනතෙක් ඉගෙනුම් සම්පත් මූලාශ්‍ර හඳුන්වා දී තිබුණේ නැහැ.
ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි හඳුන්වා දුන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.