Gossips

පළමු ශ්‍රේණියේ සිසුන්ට තවමත් නිළ ඇඳුම් වවුචර් නැහැ – ජෝශෆ් ස්ටාලින්

පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් නිළ ඇදුම් වවුචර්පත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් කටයුතු නොකර ඇති බවට ගුරු වෘත්තීය සමිති චෝදනා කරනවා.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර දින කිහිපයක් ගත වුවද නිළ ඇඳුම් වවුචර් ලබාදීමට අමාත්‍යංශය කටයුතු නොකිරිමෙන් ඔවුන්ගේ හිමිකමක් අහෝසි වන බවයි.
අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ පසුගිය ජනවාරි 17 වනදා සිසුන් බඳවා ගැනීම සිදුකළ අතර, මේ වනවිට පාසල් නිළ ඇදුම් වවුචර්පත් ලබාදීම සඳහා සිසුන්ගේ තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.
ඉන් අනතුරුව අදළ වවුචර්පත් ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.