Gossips

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේදී සංශෝධනය නීති විරෝධී බවට දැනුම් දීමක්

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේදී සංශෝධනය කිරීම නීතියට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මීට පෙර සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දී තිබුණා.
ඒ, ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාළ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයේ සංශෝධන සිදුකිරීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කිරීම හේතුවෙන්.
මෙම තත්ත්වය නිසා විදුහල්පතිවරුන් සහ දෙමව්පියන් ගැටළු රැසකට මුහුණදී ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබුණා.