Gossips

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්

මෙම වසර සදහා පළමු ශ්‍රේණියට කිසිදු සිසුවෙකු ඇතුළත් නොවූ පාසල් 350 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ මේ හේතුවෙන් දිවයිනේ පාසල් බහුතරයක් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බවයි.
එමෙන්ම පසුගිය වසරේ පාසල් 110 ක් පමණ වැසී ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්නගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වන ගැටළුවට විසඳුම් ලෙස ඉදිරිපත් කෙරුණු ‘‘හොඳම පාසල, ළඟම පාසල’’ වැඩසටහන මෙන්ම තවත් වැඩසටහන් කිහිපයක්ම මේ වනවිට ක්‍රියාත්මක බවයි.