Gossips

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවන අසාධාරණ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රයෝජන ගන්නැයි උපදෙස්

පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේදී යම් අසාධාරණයක් සිදුවී ඇතැයි පෙනී යන්නේ නම්, තොරතුරු දැනගැනීමේ පනත මගින් ඊට අදාළ තොරතුරු නිලධාරීන් සහ විදුහල්පතිවරුන්ගෙන් ලබාගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දෙමව්පියන්ට දැනුම්දෙනවා.
පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් පසු, සිසුන් වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා සිටීමටද හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
පාසල්වලට නවක සිසුන් ඇතුළත් කරගැනීමේදී චක්‍රලේඛ හා උපදෙස්වලට අනුව සියලූ විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කරනවා.