Gossips

පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ සුළු සංශෝධනයක්

පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛයේ සංශෝධන කිහිපයක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
විහාර දේවාලගම් පනත, තෑගි ඔප්පු සහ තවත් කරුණු කිහිපයක් පිළිබද අවධානය යොමු කරමින් මෙම සංශෝධන සිදුකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගිය දා පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වුණා.
එහිදී විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදය, තෝරා ගත් දරුවන් පදිංචිව සිටින ස්ථානයන් පිළිබද විස්තර මෙන්ම පෞද්ගලිකත්වයට ගැටළුවක් ඇතිනොවන දරුවන්ගේ සුදුසුකම් සම්බන්ධ සියළු තොරතුරු ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙසයි.
ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදුකෙරෙන දූෂණ සහ අක්‍රමිකතා වළක්වාලීම එහි අරමුණ වනවා.
ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන උපයෝගී කර ගනිමින් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට ඇතැම් දෙමව්පියන් කටයුතු කිරීම හේතුවෙන් සුදුසුකම් සපුරා ඇති දරුවන්ට අසාධාරණයක් සිදුවන බවට ලද පැමිණිලි පිළිබදව ද මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇති බව සඳහන්.