හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට 16 කණ්ඩායම නියෝජනය කරමින් පළමුවරට මන්ත්‍රී කණ්ඩායමක් සහභාගි වනවා.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ පස්වරු 5ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
ඒ අනුව 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න සහ සුසිල් ප්‍රේමජයන්ත ඊට සහභාගි වීමට නියමිතව තිබෙනවා.
එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ.