Gossips

පළමු පාසල් වාරය අදින් ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව වසරේ පළමු වාරය අදින් ආරම්භ වනවා.
පසුගිය වසරේ නොවැම්බර් මස 30 වනදා තුන් වන පාසල් වාරය නිමාවට පත් වුණා.
මේ අතර, රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම ලබන 17 වන දින සිට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මෙම වසරේ රජයේ නිවාඩු දින බොහෝමයක් සති අන්තයේ යෙදී තිබෙනවා.
ඒ අනුව, දුරුතු පොහෝ දිනය ජනවාරි 20 වන ඉරිදා යෙදී ඇති අතර, සිංහල අලුත් අවුරුද්ද ද යෙදී ඇත්තේ අප්‍රේල් 14 වන ඉරිදායි.
වෙසක් පොහෝ දිනය මැයි මස 18 වන සෙනෙසුරාදාට යෙදී ඇති අතර පොසොන් පොහෝ දිනය ද යෙදී ඇත්තේ ජුනි මස 16 වන ඉරිදා දිනටයි.
ඔක්තෝම්බර් මස 13 වන ඉරිදා දිනයේ වප් පොහොය යෙදී තිබෙනවා.
නොවැම්බර් මස 10 වනදා මිලාද් දුන් නබි උත්සවය යෙදී තිබෙනවා.
එමෙන්ම මෙම වසර තුළ දින 3ක් හෝ 4ක් අඛණ්ඩව නිවාඩු දින සහිත දීර්ඝ සති අන්ත 9ක් පමණ යෙදී තිබීම ද විශේෂත්වයක්.