Gossips

පළමු තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නායකත්වයට සුරංග ලක්මාල් පත් කර තිබෙනවා.
එමෙන්ම අද ආරම්භවන පළමු තරගයේ උප නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ කුසල් මෙන්ඩිස්.
ඊයේ පැවැත්වූ විනය පරීක්ෂණයේදී දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.
පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයේදී අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට චෝදනා එල්ලවුණා.
මේ අතර දකුණු අප්‍රිකාව සමඟ ගාල්ල ක්‍රිඩාංගණයේ අද පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.