Gossips

පළමු තරඟයේම සුපිරි ශතකයක් රැස්කරමින් කණ්ඩායම ගොඩ දැමූ ඉනිම

ටෙස්ට් වරම් ලැබීමෙන් පසු සිය ඓතිහාසික ප්‍රථම ටෙස්ට් තරඟයට සහභාගි වන අයර්ලන්තය, පාකිස්තානය වෙතින් ඉනිමක පරාජයක් වළක්වා ගැනීමට ඊයේ සමත් වුණා.
ඩබ්ලින් නුවර පැවැත්වෙන මෙම තරඟයේ 4 වන දිනය වූ ඊයේ දෙවන ඉනිමේ පන්දුවට පහර දෙන අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා සිටි අතර, කෙවින් ඕ බ්‍රයන් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 118ක්.
එය අයර්ලන්ත ක්‍රීඩකයෙකු ලබා ගත් ප්‍රථම ටෙස්ට් ශතකය ද වනවා.
පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 310ක් ලබා ගත් අතර අයර්ලන්තය මුල් ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 130ක් පමණයි.
එම අවස්ථාව පහතින්.
rnrn