Gossips

පළමු තරඟයට හසන් නැහැ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට ශකීබ් අල් හසන් සහභාගි නොවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (11) නිවේදනය කළා.
ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී තුවාල ලැබූ ශකීබ් අල් හසන්ගේ අතේ ආබාධය තවමත් මුළුමනින්ම සුව නොවීම ඊට හේතුවයි.
දෙවන ටෙස්ට් තරඟය අහිමි වූ ඔහු ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට සහභාගි නොවුව ද, දෙවන තරඟයට සහභාගි වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා සදහන් කළා.
කෙසේ වෙතත් මිට පෙර ඔවුන් සඳහන් කර තිබුනනේ තරඟ දෙකකින් සමන්විත 20-20 තරඟාවලියටම ශකීබ් ක්‍රීඩා කරන බවටයි.
මේ අතර විස්සයි විස්ස තරගාවලිය සදහා බංග්ලාදේශය නවක ක්‍රීඩකයන් 05 දෙනෙකු සිය සංචිතයට එක් කර තිබෙනවා.
අබු ජායෙඩ්, අර්ෆුල් හක්, මහෙදි හසන්, සකීර් හසන් සහ අෆීෆ් හුසෙන් එම නවක ක්‍රීඩකයන් 05 දෙනායි.
අබු හයිදර් ද වසර දෙකකට පසු බංග්ලාදේශ කණ්ඩායමට එක්වනවා.
තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරඟාවලිය ලබන 15 වන දා සහ 18 වන දා පැවැත්වීමට නියමිතයි.