Gossips

පළමු තරගයෙන්ම ඉන්දියාවට කන්ගරුවන් හමුවේ දරුණු පරාජයක්

ඉන්දියාව සමඟ පැවැති පළමු එක්දින තරඟයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 34ක් ජයක් ලබා ගත්තා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ ලකුණු 288ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පීටර් හන්ඩ්ස්කොබ් ලකුණු 73ක්, උස්මාන් කවජා ලකුණු 59ක් ද ෂෝන් මාෂ් ලකුණු 54ක් රැස් කළා.
තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ මාක්ස් ටෝයිනිස් ලකුණු 47ක් ගත්තා.
ඒ අනුව ලකුණු 289ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිලේ පළමු කඩුලු 3 ලකුණු 4ක් තුළදී බිඳ හෙලීමට Jhye Richardson හා Jason Behrendorff හැකි වුණා.
ඉන්පසුව බිඳවැටුණු ඉන්දීය ඉනිම ගොඩගැනීමේ බර කරටගත් රෝහිත් ශර්මා හා මහේන්ද්‍ර සිං දෝනි සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා.
කෙසේ නමුත් ඉන්දීය ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 141ක් වන විට මහේන්ද්‍ර සිං දෝනි Jason Behrendorff පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියා.
තරඟයේ අවසානය තෙක් එක් අන්තයක හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වුණා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Jhye Richardson පන්දුවාර 10කදී කඩුලු 4ක් බිඳහෙලු අතර තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි වුණා.