Gossips

පළමු ටෙස්ට් තරඟයේ ලැබූ දැවැන්ත පරාජයෙන් පසු වෙරළට බැස්ස කණ්ඩායම විනෝද වූ හැටි (ඡායාරූප)

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි තරඟ සංචාරයක නිරත වනවා.
ටෙස්ට් තරඟ 03ක් එක්දින තරඟ 05ක් සහ පන්දුවාර විස්ස තරඟ 03ක් මෙම තරඟ සංචාරයට ඇතුළත්.
බටහිර කොදෙව් කණ්ඩායම සමඟ පසුගියදා නිමා වූ පළමු ටෙස්ට් තරඟයෙන් දැවැන්ත පරාජයක් ලබන්නට එංගලන්ත කණ්ඩායමට සිදුවුණා.
එම තරඟය කොදෙව්වන් ඉදිරියේ එංගලන්තය පරාජය වුනේ ලකුණු 381කින්.
කෙසේ වෙතත් ලබන 31 වනදා ඇන්ටිගුවා හිදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයට සුදානම් වන එංගලන්ත පිල සිය පුහුණු වීම් අතර තුර විනෝද වීමටද අමතක කර තිබුනේ නැහැ.
දුපත් රාජ්‍යක් ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සුන්දර වෙරළ තීරයේ විනෝද වෙමින් කාලය ගත කරන්නට එංගලන්ත ක්‍රීඩකයන් පසුගිය දිනක කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ.