Gossips

පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

දිල්රුවන් පෙරේරාගේ සහ රංගන හේරත්ගේ ඇති විශ්ෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 278කින් ජය ගන්නට ශ්‍රී ලංකාව අද (14) සමත් වුණා.
තරඟයේ ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට සියලු දෙනා දැවී දෙවන ඉනිමට රැස් කිරීමට හැකි වුනේ ලකුණු 73ක් පමණයි.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 287ක් රැස් කළ අතර එහිදී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158ක් රැස් කළා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට හැකි වුයේ ලකුණු 126ක් පමණයි.
ලකුණු 161ක වාසියක් ද අතැතිව දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට ලබාගත්තේ ලකුණු 190ක් පමණයි.
ලකුණු 352ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ දෙවන ඉනිම දිල්රුවන් පෙරේරා සමඟින් එක්වූ රංගන හේරත් සුණු විසුණු කර දමන්නට සමත් වුණා.
එහිදී දිල්රුවන් පෙරේරා කඩුලු 06ක් සහ රංගන හේරත් කඩුලු 03ක් බිද දැමුවා.
තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තරඟ එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට පෙරමුණ ගෙන සිටිනවා.