Gossips

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන්

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුනා.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කල දකුණු අප්‍රිකාව දිනය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 4 ක් ලබා සිටිනවා.
ඒඩ්න් මැක්රම් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
කේශව් මහාරාජ් සහ ඩීන් එල්ගාර් පන්දුවට පහරදෙමින් සිටිනවා.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 287 ක්.
සිය 8 වන ටෙස්ට් ශතකය ද වාර්තා කළ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158 ක් ලබා ගත්තා.
ලක්ෂාන් සඳකැන් ලකුණු 25යි.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 24 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 11 ක් රැස් කළා.
නිරෝෂන් දික්වැල්ල 18 යි.