සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය තාවකාලිකව අත්හිටුවන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවි ලකුණු 161 ක් ලබා සිටියා.
දිමුත් කරුණාරත්න ලකුණු 80 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් / කුසල් මෙන්ඩිස් ලකුණු 24 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 11 ක් රැස් කළා.
වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීම හමුවේ තේ පානය ද එම අවස්ථාවේ ලබාදීමටයි තීරණය කෙරුනේ.
