Gossips

පළතුරු සහ එළවළු ආනයනය සීමා කිරීමේ සූදානමක්

පළතුරු සහ එළවළු ආනයනය, ඉදිරියේදී අවම කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
දඹුල්ල – හුඹස්ගමුව ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මේ අනුව අමාත්‍යවරයා විසින් රේගුව හරහා ගෙන්වනු ලබන පලතුරු වාසිත නිමවුම පිළිබඳව තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අපනයනය වැඩි කර ආනයන සීමාකල යුතු බවයි.