Gossips

පළතුරුවලටත් සේනා පැතිරීමේ අවදානමක්

සේනා දළඹු උවදුර පළතුරු වගාවටද ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසනවා.
මේ වන විටත් කෙසෙල් වගාවේ සේනා දළඹු ගණයට අයත් දළඹු විශේෂයක් පැතිරී ඇති බවට වාර්තා වී ඇති බවයි හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඒ.එස්.පුෂ්පකුමාරි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසිමකදී සඳහන් කළේ.
මේ අතර උඩුදුම්බර, හපුකන්ද, කලවල, කළුගල සහ රඹුක්වැල්ල යන ගම්මානවල ඇති බඩඉරිගු වගාවට සේනා දළඹුවා ව්‍යාප්තවී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම ප්‍රදේශවල බෝංචි වගාවන්ට ද සේනා දළඹුවන්ගේ බලපෑම් එල්ල වී තිබෙනවා.
සේනා දළඹුවා මර්දනය කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර ඇති රසයනික ද්‍රව්‍ය 05ක් මේ වනවිටත් දිවයින පුරා බෙදාහැරිමට කටයුතු කර ඇති බවයි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ.සුමිත් සදහන් කළේ.