5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050කදී අද පැවැත්වෙනවා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්. එහිදී සිංහල මාධ්‍ය අයදුම්කරුවන් දෙලක්ෂ 67,770ක් සහ දෙමළ මාධ්‍ය සිසුන් 87,556 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටිනු ඇති.
පෙරවරු 9ට විභාගය ආරම්භ වන අතර සියළු අයදුම්කරුවන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, සිසුන්ගෙන් ඉල්ලා සිටියේ.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමයින්ගේ දෙමව්පියන් වෙත තවත් උපදෙස් කිහිපයක් ලබාදුන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ නියමිත වේලාවට දරුවන් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන එන ලෙසයි.
