International

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල වැරදී… විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කණස්සල්ල සහ විමතිය පල කරයි..

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල බරපතල සැකයකට තුඩු දෙන බැව් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පවසනවා. මින් පෙර කිසිදු වසරක එසේ නොවුනත් මෙම වසරේ ප්‍රථිපල තුල කිසිදු අයුරකින් විශ්වාස කල නොහැකි තරමේ විකෘති සහගත බවක් ගැබ්ව ඇති බව අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදු වන බව ඔවුන් වැඩි දුරටත් පවසනවා. දෙසතියකට පෙර සිට ඇති වූ මෙම හෝඩුවාව පිළිබඳ විමසා බලන්නට ලියුම්කරු විසින් දිවයිනේ විවිධ පළාත්වල විදුහල්පතිවරුන් හමු වුනා.

කොළඹ ප්‍රධාන බාලිකා පාසලක විදුහල්පතිනියක් පවසා සිටියේ තමන්ගේ පාසලේ පහ වසර පන්ති පහේ වැඩිම ලකුණු ලැබූ ශිෂ්‍යාවියන් පහලොස් දෙනාම ශිෂ්‍යත්වය අසමත්ව ඇති බවය. පුදුමයට කරුණ වන්නේ ඔවුන් පහලොස් දෙනාම විභාගය අසමත්ව ඇත්තේ ලකුණු සියයකටත් අඩු ලකුණු ලබාගෙන වීම නිසා බවත් ය. තම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් සහ එම දරුවන්ගේ දෙමව්පියන් මේ ප්‍රතිපල ලේඛණය නිසා විස්මයට පත්ව ඇති බවද ඇය වැඩි දුරටත් සඳහන් කලාය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධානම ජාතික පාසැලේ විදුහල්පතිවරයා පවසා සිටියේ අමුතුම කථාවකි. තම පාසලේ දරුවෙක් පසුගිය ජූනි මස හදිසි අනතුරකට ලක් වූ බවත්, දෙමවුපියන් ගෙනවිත් විභාගයට වාඩි කරවූවත් එම දරුවා අකුරක්වත් නොලියා ඇති බවත්, ඔහු ශිෂ්‍යත්වය සමත්ව ඇත්තේ ලකුණු 163ක් ලබා ගනිමින් බවත් ය. අදටත් අයහපත් මානසික තත්ත්වයකින් පෙලෙන මෙම දරුවා, ශිෂ්‍යත්ව විභාගය සමත් වූ හැටි ගැන බරපතල සැකයක් තිබෙන බැව්ද ඒ මහතා අවධාරණය කලේය.

‌කෙසේ වෙතත් ලියුම් කරු විසින් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් හයසිය හතර දෙනෙකුගෙන් විමසා
සිට අතර, තිදෙනෙක් හැර අනෙක් සියළු දෙනා පැවසූයේ මෙම වසරේ ශිෂ්‍යත්ව ප්‍රථිපල නැවත සමීක්ෂණයක් කිරීමට බල කල යුතු බැව්ද කියා සිටියෝය.

අනතුරුව ලියුම් කරු විසින් මෙම කරුණ පිළිබඳ විමසා සිටියේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙනි. ඔහුගේ වචන එලෙසින්ම මෙසේය…

“මේ පිළිබඳව අපි ලබන සතියේ මාධ්‍යයට කියනවා.. සමස්ත දරුවන්ගේම අනාගත පහරක් මේ ප්‍රතිපලය. මේක තනිකරම විකෘතියක්.. පිළිගත හැකි ඕනෑ තරම් සාක්ෂි අප ලඟ තිබෙනවා.. බලධාරීන් සූදානම් නම් මේ ගැන අපෙන් අහන්න අපි සූදානම් එය පැහැදිලි කරලා දෙන්න.. නමුත් අදාල දරුවන්ගේ වතගොත මාධ්‍යයට දෙන්න බැහැ.. එය සදාචාරාත්මක කාර්‍යයක් නෙවෙයි.. මේ පොඩි දරුවන්ට කරපු අති විශාල වැරැද්දට මේ රජය සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතුයි.”

කෙසේ වුවත්, මේ ඛේදනීය තත්ත්වය ගැන Lanka E News විමසිල්ලෙන්…