Gossips

පහේ ශිෂ්‍යත්වය වෙනුවට හතේ හෝ අටේ දී විභාගයක් – ජනපති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 7 හෝ 8 ශ්‍රේණිවලදී විභාගයක් පවත්වා එහි ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව විෂය ක්ෂේත්‍රයන් සඳහා දරුවන් යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගොඩගම – සුබාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකළ රංග ශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වෙමින්.
මේ අතර, සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීම අද උදෑසන සිදුවුණේ ජනාධිපති නිළ නිවසේදියි.
අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම සහ ආහාර අනුභවය, හිසතෙල් ගෑම, නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් කර තිබෙනවා.