මීට වසර 15කට පෙර පුද්ගලයෙකු පුළුස්සා ඝාතනය කළ සැකකරුවෙකු මීගමුව – ෆාතිමා වත්ත ප්රදේශයේ සැඟව සිටියදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මියගිය පුද්ගලයා මීගමුව ප්රදේශයේදී මෝටර් රථයක ගැටීමට සලස්වා, දඹදෙණිිය ප්රදේශයට රැගෙන ගොස් පෙට්රල් දමා පුළුස්සා ඝාතනය කර තිබුුණේ 2003 වසරේදීයි.
අත්අඩංගුවට ගත් 51 හැවිරිදි සැකකරු මීගමුව – කොච්චිකඬේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.