Gossips

පහරදීමේ සිද්ධියකට වයඹ සරසවියේ සිසුන් 13 ක් අත්අඩංගුවට

වයඹ සරසවියේ සිසුන් පිරිසකට පහරදීමේ චෝදනාවකට එම සරසවියේම ජ්‍යෙෂ්ඨ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.
ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ නවක වදයට එරෙහිවීම ඊට හේතුවී තිබුණා.
ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස මෝටර් රථයකින් නවක සිසුන් සිටින ස්ථානයට පැමිණ පහරදීම සිදුකර ඇති බවට මුලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සිසුන් 13 දෙනා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.