Gossips

පහරදීමේ සිද්ධියකට කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

තරුණයන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පැදවූ යතුරුපැදිය පහරකෑමට ලක්වූ පුද්ගලයන් දෙදෙනාගේ යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව සිදුවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.
පහරකෑමට ලක්වූ තරුණයන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව රිය අනතුරක් සිදුකිරීම සහ පහරදීමේ සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.