Gossips

පහරදීමකින් සිසුවෙකු රෝහලේ

ගුරුවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රෝහල්ගත වී තිබෙනවා.
විවේක කාලයට පෙර කාල පරිච්ඡේදයේ තමන් වෙනත් පන්තියකට ගොස් යළි පන්තියට පැමිණීම නිසා ඒ පිළිබඳව ඇතිවු ගැටළුවක් මුල් කරගනිමින් පහරදීම සිදුකළ බවයි සිසුවා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කුලියාපිටිය පොලිසියෙන් විමසීමක් කළ අතර, එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.