බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පොලිස් පරීක්ෂකවරයෙකු වන ඔහු පානදුර – දකුණ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන බවයි.
ඊයේ රාජකාරියට පැමිණෙමින් සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලීසිය සදහන් කළා.
මෙම පහරදීම සම්බන්ධයෙන් පසුව සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.