Gossips

පහරදීමකට ලක්වූ ඔක්කම්පිටියේ, විදුහල්පතිවරයෙකු රෝහලේ

මොණරාගල – ඔක්කම්පිටිය – නියදැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම පාසලේම සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.
ඊයේ පෙරවරුවේ සිසුවෙකු අස්වීම් සහතිකයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සිසුවාගේ පියා තමාට පහර දුන් බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.
ඔහු මේ වන විට ඔක්කම්පිටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔක්කම්පිටිය පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවයි.