Gossips

පහතරට තේ වලට වැඩි ඉල්ලුමක්

පසුගිය සතියේ තේ වෙන්දේසිය සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 7.63ක් ඉදිරිපත් කෙරුණා.
එහිදී පහතරට තේ වර්ග සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පැවති අතර, බී. ඕ.පී. වර්ගයේ තේ සඳහා ඊට පෙර සතියේ මිල ගණන් හිමි වූ බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.
තෝරා ගත් ඉහළ තේ වර්ග සඳහා ද ස්ථාවර මිලක් හිමි වී තිබෙනවා.
කෙසේ නමුත්, කඳුකරයේ අනෙකුත් තේ වර්ග සඳහා මිල පහත වැටීමක් දක්නට ලැබුණු බව සඳහන්.
මේ අතර, මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඉන්දියාවේ තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 79.72 දක්වා සියයට 6.5කින් වර්ධනය වී ඇති බව ඉන්දීය තේ මණ්ඩලය ප්‍රකාශ කළා.