Gossips

පසුපසින් පැමිණි ලොරි රථය මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ තඹල ප්‍රදේශයේදී පසුපසින් පැමිණි ලොරි රථයක් මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (07) අනතුරක් සිදුව තිබෙනවා.
ලොරි රථයේ ගැටුණු මෝටර් රථය මාර්ගයේ අනෙක් පස නවතා තිබු තවත් ලොරි රථයකද ගැටී නතර වනවා.
මෙම අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.