Gossips

පසුගිය සතියේ කැබිනට් නොපැමිණි ඇමතිවරුන් අද එනවා

පසුගිය කැබිනට් රැස්වීම වර්ජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද (24) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටිනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට කැබිනට් රැස්වීම ආරම්භ වී ඇති අතර ඊට එක්වීම සඳහා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පැමිණෙන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අවසන් වරට පැවති කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරනු ලැබුවේ පසුගිය 9 වනදා පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.