පසුගිය වසර තුළ සිදුකළ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 736 ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4585 ක්, කොකේන් කිලෝ 19 ක්, හෂීස් කිලෝ 13 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6ක් ද එම වැටලීම් වලදී සොයා ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
එමෙන්ම, මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 95,797 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර වැඩිදුරටත් සදහන් කළා.
