Gossips

පසුගිය පස් වසර තුළ හඳුනා නොගත් මළ සිරුරු 300ක්

විවිධ හේතූන් මත මිය ගිය පුද්ගලයන්ගේ හඳුනා නොගත් මළ සිරුරු 300කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය පස් වසර තුළ පොදු සුසාන භූමිවල මිහිදන් කර ඇති බව වාර්තා වනවා.
මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ද එලෙස හඳුනා නොගත් මළ සිරුරු 67ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන විත් ඇති අතර, ඉන් ඥාතීන් හඳුනාගෙන ඇත්තේ 32ක් පමණයි.
ඉතිරි සිරුරු 35 කොළඹ නගර සභාව මගින් කොන්ත්‍රාත් පදනම මත යොදා ගන්නා අවමංගල්‍ය සේවාවක් හරහා මිහිදන් කර තිබෙනවා.
පසුගිය වසරේදී එලෙස හඳුනා නොගත් මළ සිරුරු 117ක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන විත් ඇති අතර ඉන් 65ක් කිසිවෙකු හඳුනා නොගැනීම නිසා මිහිදන් කරනු ලැබුවා.
කෙසේ නමුත්, කිසිවෙකු අයිතිය සඳහා ඉදිරිපත් නොවූ පුද්ගල මළ සිරුරු සම්බන්ධයෙන් සංකීර්ණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.