Gossips

පසුගිය දින දෙකේදී දියේ ගිලීම්වලින් 7 ක් මරුට

යාපනය – පේදුරුතුඩුව මුහුදේ ඔරු පැදීමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු අනතුරට ලක්ව තිබෙනවා.
එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අවුරුදු 14, සහ 15 හැවිරිදි වියේ පසුවන මෙම සිසුන් තුන්දෙනා විනෝදයට ඔරු පදිමින් සිටියදී මෙම අනතුරට ලක්වුණා.
පසුව ධීවරයින් පිරිසක් විසින් ඔවුන් බේරාගෙන පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් සිසුවෙකු මියගොස් තිබෙනවා. අනෙක් දෙදෙනා මේ වනවිටත් පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය දින දෙක තුලදී පමණක් දියේ ගිලීම් හේතුවෙන් මරණ සංඛ්‍යාව 07ක් වාර්තාවී තිබෙනවා.
කළුතර – කැලිඩෝ මුහුදු තීරයේ දියනෑමට ගිය 11 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ ජිවිතක්ෂයට පත්වුණා.
ඊට අමතරව වේයන්ගොඩ – තල්ගස්මොටේ දිඇල් ඔයේ නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකුද දියේ ගිලිමෙන් මියගොස් තිබුණා. මස්කෙලිය, වාද්දුව, අවිස්සාවේල්ල යන ප්‍රදේශවලින්ද දියේ ගිලීම් පුද්ගල මරණ වාර්තාවී තිබෙනවා.