Gossips

පසුගිය ජනාධිපතිවරණ සමයේ කෝටි 1150ක චෙක්පත් හුවමාරුවක් ගැන වාර්තා දෙන්නැයි පෞද්ගලික බැංකුවකට අධිකරණයෙන් නියෝග

පසුගිය ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපය තුලදී අරලියගහ මන්දිරයේ තිබූ රුපියල් කෝටි 1150කට ආසන්න මුදලක් බැහැර කලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය බැංකු වාර්තා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ (23) නියෝග කළා.
ඒ, ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවකටයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී 2014 නොවැම්බර් 20 වනදා සිට 2015 ජනවාරි 08 වනදා දක්වා කාලය තුළ මෙම බැංකුවෙන් පමණක් රුපියල් මිලියන දස දහසකට ආසන්න වටිනාකමක් සහිත සැකකටයුතු චෙක්පත් 82ක් නිකුත් වී ඇති බවට එම ඒකකය අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.
ඒ අනුවයි මෙලෙස අදාල බැංකුවට මෙම වාර්තා ලබාදෙන ලෙස නියෝග කර ඇත්තේ.