Gossips

පසුගිය කාලය ගැන සොයන්න එජාපය සැරසේ

පසුගිය කාලය තුළ ඇතැමුන් සිදුකළ ප්‍රකාශවලින් අධිකරණයට අගතියක් සිදුවූවාදැයි සොයා බැලීමක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අතර, එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ ආශු මාරසිංහ ද එක්ව සිටියා.
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළ ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය ද අද පස්වරුවේ අවසන් කළ අතර ඊට සමාගාමීව රැළියක් ද සංවිධාන කර තිබෙනවා.