Gossips

පසුගිය ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල් සහ සමනළ රැළයි – ඉදිරියට තැබූ පය පසුපසට නොගන්නා බව ජනපති, ජනමහිමය රැළියට එක්වෙමින් කියයි

පාර්ලිමේන්තුවේ බහුතර බලය වන මන්ත්‍රී ධුර 113, මේ වන විට නව රජය විසින් සපුරාගෙන අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රටම රකින ජනමහිමය ජනතා රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා.
කවර බලවේගයක් හමුවේ වුවද ඉදිරියට තැබූ පය පිටුපසට නොගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.
එම ජන රැළියට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ එකට එක්ව ගමන් කරන බවයි.
රජයට සහය පළ කරන රටම රකින ජනමහිමය අද පස්වරුවේ පාර්ලිමේන්තු වට රවුමේදී ආරම්භ වුණා.
රැළියට සහභාගිවීම සඳහා බත්තරමුල්ල – සෙත්සිරිපාය, රාජගිරිය – ගුවන් පාලම සහ පාලම් තුන හන්දිය යන ස්ථාන 3කින් අති විශාල ජනකායක් පා ගමනින් පාර්ලිමේන්තු වට රවුමට පැමිණියා.
ඉන් අනතුරුවයි ජන රැළිය ආරම්භ වූයේ.
ජනරැළියට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පස්වරු 4ට පමණ එක්වුණා.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව එහි පැමිණ වේදිකාවට පිවිසීම විශේෂත්වයක්.