ගම්පහ – නැදගමුව – බෝගහ හන්දිය ප්‍රදේශයේදී අද (04) දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් පසු ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබූ අතර ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.
වැලි සහ පස් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුවන්නට ඇති බවට සැක කරන බවයි පොලීසිය කියා සිටියේ.
සිද්ධියෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි ගම්පහ – නැදගමුව ප්‍රදේශයේ පදිංචි ‘චමින්ද හෙවත් චමී’ නැමැති පුද්ගලයෙක්. ඔහු ‘පස් පොඩ්ඩා’ නැමැති පාතාල සාමාජිකයෙකුගේ සමීපතම ගෝලයෙකු බව ද සඳහන්.
